Friday, November 18, 2016

දකුණු ආසියාව

                                                  

                                       දකුණු ආසියාව


දකුණු ආසියාව හෝ දක්ෂිණ ආසියාව යනු ඉන්දීය උප මහාද්වීපය ආශ්‍රිත රටවල් පොදුවේ හැඳින්වීමට යෙදෙන වදනකි. එය සමන්විත වන්නේ උප-හිමාලයානුරටවල් සහ, සමහරක් අධිකාරීන් අරභයා, අසබඩ බටහිරින් හා නැගෙනහිරින් පිහිටි රටවල් වලින්ද වෙති. භූලක්ෂණාත්මකව, එහි බහුතරයක්, හිමාලය සහ හින්දු කුෂ් කඳු වෙතට දකුණෙන් ඉන්දියානු අර්ධද්වීපය ලෙසින් මුහුදු මට්ටමෙහි සිට ඉහළට පැන නගින ඉන්දියානු තලය වෙතින් සමන්විත වෙයි. දකුණු ආසියාව දකුණු දිශාවෙන් ඉන්දීය සාගරයෙන් සීමා වන අතර භූමිය ඇති දිශාවෙන් ( බටහිර සිට දක්ෂිණාවර්තව) බටහිර ආසියාවෙන්, මධ්‍යම ආසියාවෙන්, නැගෙනහිර ආසියාවෙන්, සහ අග්නිදිග ආසියාවෙන් මායිම්වී ඇත.
ප්‍රදේශයට අයත්වන්නේ කුමන රටවල්ද යන්න පිළිබඳව විවිධවූ මූලාශ්‍ර විවිධ ප්‍රකාශ නිකුත් කර සිටිති. නිදසුනක් ලෙසින්, එක්සත් ජාතීන්ගේ භූවිද්‍යාත්මක ප්‍රදේශ වර්ගීකරණය අනුව, දකුණු ආසියාව සමන්විත වන්නේ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින්, නේපාලය, පකිස්තානය, සහ ශ්‍රී ලංකාව යන රටවලිනි. කෙසේවෙතත්, එක්සත් ජාතීන් සටහන් කොට දක්වන්නේ "විශේෂිතවු කණ්ඩායම් වලට රටවල් හෝ ප්‍රදේශ හෝ පැවරීම හුදෙක් සංඛ්‍යානමය පහසුව සඳහාම වන අතර රටවල් හෝ භූමිප්‍රදේශයන් හෝ අතර දේශපාලනමය හෝ වෙනත් හෝ අනුබැඳියක් හුවා නොදක්වයි
    ලොව ජනගහණයෙන් පහෙන් පංගුවකට පමණ නිවහන සපයන්නේ දකුණු ආසියාව වන අතර මෙය නිසාවෙන් එය ලොව වඩාත්ම ජනාකීර්ණ හා වඩාත්ම ගහන ලෙස ජනයා සහිත භූගෝලීය ප්‍රදේශය වෙයි
     

                               දකුණු ආසියාවේ ඉතිහාසය




   
  දකුණු ආසියාවේ මානව ශිෂ්ටාචාරය පැවති බවට හමුවන පැරණිතම ‍සාක්ෂිය හමුවි ඇත්තේ පාකිස්ථානයේ මෙර්ගා (ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 3200 දක්වා) ප්‍රදේශයෙනි. මෙය පිහිටා ඇත්තේ බොලාන් කපොල්ලෙහි, ඉන්දු නදියේ බටහිර නිම්නය වන ක්වෙටා, කලාවි හා සිබ් නම් වර්තමාන පාකිස්ථානු නගර අතරයි. මෙර්ගා සොයා ගන්නා ලද්දේ 1974 දී ප්‍රංශ පුරාවිද්‍යාඥයෙකු වන ජෝන් ෆැන් ඔයිස් ජැරිග් විසින් මෙහෙයවන ලද පුරාවිද්‍යා කණ්ඩායමක් විසිනි. එම කැණිම් කටයුතු 1974 - 1986 දක්වා නොවනත්වා සිදුවිය

ර්ගා නග‍රයේ පැරණිතම ජනාවාසය වන්නේ ඊසාන දිග කෙළවරෙහි පිහිටා ඇති අක්කර 495 ක විශාලත්වයකින් (වපසරිය වර්ග කි.මී. 2ක්) යුත් කුඩා ගොවි ගම්මානයකි. (ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 5500 ) පැරණි මොර්ගා වැසියන් ගඩොල් වලින් තැනු නිවාසවල වාසය කර ඇත. ඔවුන් විසින් වගාකළ ධාන්‍ය, ධාන්‍යාගාර වල තැන්පත් කරන ලදී. දේශිය තඹ නිධි වලින් ඔවුන් විසින්ම ඔවුනට අවශ්‍ය ආයුධ නිපදවන ලදී. ඔවුන‍්ගේ විශාල පැසි බදුන් (ධාන්‍ය ගබඩා) බිටුමන් (තාර විශේෂයක් ) වලින් ආවරණය කරන ලදී. ඔවුන් බාර්ලි, එක්කණිකාව, එමර ධාන්‍ය, ජුජුබ්ස්, රට ඉදි වගා කළ අතර බැටළුවන්, එළුවන්හා කිරි ගවයින් පාලනය කරන ලදී. පසුකාලීන ජනයාට තම කර්මාන්ත සදහා වැඩි වෙහෙසක් යෙදීමට සිදුවිය. (ක්‍රි.ප්‍ර. 55000 සිට ක්‍රි. පූ. 2600 ) සේද විවීම, සම් පදම් කිරීම, පබළු නිෂ්පාදන ය හා ලෝහ කර්මාන්තය මෙම කර්මාන්ත වලට ඇතුලත් විය. මෙම පරිශ්‍රය ක්‍රි.පූ. 2600 දක්වා ජනවාස ලෙස පැවතී තිබේ.


වර්ෂ 2006 අප්‍රේල් හිදි 'නේචර්'විද්‍යාත්මක සඟරාවේ පළවූ අන්දමට ප්‍රාණවත් මනුෂ්‍යයින්ගේ දත් සිදුරු කිරීම පිළිබඳ පැරණිතම සාක්ෂිය මෙර්ගා වලින් හමුව තිබේ. පුරාවිද්‍යාඥ කැණිම් කටයුතුවලට (1974 දී ජරිග් එට් අල් විසින්) අනුව මෙර්ගා දකුණු ආසියාවේ පැරණිතම ගොවි ජනාවාසය බවට ෙහලිවී ඇත. එහි සාක්ෂිය ක්‍රි.පු. 7000 දක්වා දිව යයි. ‍එලෙසම දකුණු ආසියාවේ පැරණිතම මැටි කර්මාන්තය පවතින‍්නේද මෙහි බවට නම් කර ඇත. පුරාවිද්‍යාඥයින් මෙම ජනාවාස කාලය කොටස් කීපයකට බෙදා ඇත. කෙසේවුවත් මේර්ගා යනු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුරෝගාමී ප්‍රදේශයක් ලෙස පෙනීයයි.

No comments:

Post a Comment